WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගුවනින් ආ මත්ද්‍රව්‍ය

2024 October 22- Page Views : 10

ගුවන් තැපැල් මගින් මෙරටට එවන ලද මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ ගුවන්තොටුපොළ ඒකකය විසින් සිය භාරයට ගෙන තිබේ.

විදේශ රටවල් කිහිපයක සිට ශ්‍රී ලංකාවට ගුවන් තැපැල් මගින් රැගෙන එන ලද සැකකටයුතු පාර්සල් කිහිපයක් සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් වෙත කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ පිහිටි ගුවන් තැපැල් ආයතනයක් මගින් සිදුකළ දැනුම්දීමකට අනුව මෙම වැටලීම සිදුකර තිබුණි.

එහිදී පාර්සල් 07ක තිබී විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය හමුවූ බව පොලීසිය පැවසීය.

එම පාර්සල්වල අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 07 ග්‍රෑම් 21ක්, මැන්ඩි මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම් 338ක් සහ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම් 143ක් හමුවී ඇත.

මෙම මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වන ලද සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.