කෙන්යාවේ නායයෑමකින් 21ක් මරුට
2025 November 02- Page Views : 6
කෙන්යාවේ රිෆ්ට් ප්‍රදේශයේ සිදු වූ නායයෑමකින් පුද්ගලයින් 21දෙනෙකු මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් පුද්ගලයින් 30දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවය.
එමෙන්ම නායයෑම් තත්ත්වය හේතුවෙන් එරට මාර්ග රැසක් වසා දමා ඇති අතර තුවාල ලැබූ පුද්ගලයින් ගුවන් මගින් රෝහල් වෙත රැගෙන යාමට එරට ආපදා කළමණාකරණ අංශ පියවර ගෙන තිබුණි.
කෙන්යාවට ඇඳහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මෙම නායයෑම සිදුව ඇති අතර නිවාස 1,000කට අධික සංඛ්‍යාවක් ද විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.