WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන 5ක වන්දි ඉල්ලයි

2025 November 16- Page Views : 7

තමන් 2021 වසරේදී සිදුකළ කතාවක අදහස් විකෘති වන අයුරින් සංස්කරණය කර විකාශ කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ BBC මාධ්‍ය ආයතනයෙන් ඩොලර් බිලියන පහක වන්දියක් ඉල්ලා ලබන සතියේ නඩු පවරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඒ එම සිදුවීම සම්බන්ධයෙන් BBC මාධ්‍ය ආයතනය ජනාධිපතිවරයාගෙන් සමාව ද ඉල්ලා ඇති පසුබිමකය.

එම සිදුවීමට අදාළව BBC මාධ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ප්‍රවෘත්ති අංශ ප්‍රධානී යන දෙදෙනා පසුගියදා ඉල්ලා අස්විය.