WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

හේලි ගුබ්බි වසර 12,000 කට පසු පුපුරා යයි - අළු වළාකුළු ඉන්දියාවටත් ඇවිත්

2025 November 26- Page Views : 25

ඉතියෝපියාවේ ඊසානදිග කලාපයේ පිහිටි හේලි ගුබ්බි (Hayli Gubbi) ගිනි කන්ද වසර 12,000 කට පමණ පසු පළමු වරට පුපුරා ගොස් තිබෙනවා. 

මෙම පිපිරීම හේතුවෙන් පිට වූ අළු වලාකුළු රතු මුහුද හරහා යේමනය සහ ඕමානය දෙසට ගමන් කරමින් පවතින බවයි විදෙස් වාර්තා පවසන්නේ. 

තවත් වාර්තාවකට අනුව, ඉන්දියාව සහ උතුරු පකිස්ථානය පුරා ද ව්‍යාප්ත වී තිබෙනවා. 

මිචිගන් තාක්ෂණික විශ්ව විද්‍යාලයේ ගිනිකඳු විද්‍යාඥයෙකු සහ මහාචාර්යවරයෙකු වන සයිමන් කාන් තහවුරු කළේ, අවසාන අයිස් යුගය අවසන් වීමෙන් පසු වසර 12,000 කට පමණ පෙර ආරම්භ වූ යුගයේ සිට හේලි ගුබ්බි ගිනි කන්දෙහි කිසිදු පිපිරීමක් වාර්තා වී නොමැති බවයි. 

ස්මිත්සෝනියන් ආයතනයේ ගෝලීය ගිනිකඳු වැඩසටහන ද එම අදහස තහවුරු කර තිබුණා. 

ගිනි කන්ද පසුගිය ඉරිදා දින පැය ගණනාවක් පුරා පුපුරා ගියා. තවමත් එහි අළු විහිදුවමින් අහස වසා ගමන් කරන බව සඳහන්. 

හේලි ගුබ්බි ගිනි කන්ද පිහිටා ඇත්තේ ඉතියෝපියාවේ අෆාර් කලාපයේ, අඩිස් අබාබා නගරයට සැතපුම් 500 ක් පමණ ඊසාන දෙසින් එරිත්‍රියානු දේශසීමාව අසලයි. 

මෙම ගිනි කන්ද මීටර් 500 ක් පමණ උසකින් යුක්තයි.

  භූ තැටි දෙකක් හමු වන භූගෝලීය වශයෙන් දැඩි ක්‍රියාකාරී කලාපයක් වන රිෆ්ට් නිම්නය තුළ පිහිටා තිබෙනවා. 

 පිපිරීමෙන් සැතපුම් 9 (කිලෝමීටර් 14) දක්වා ඉහළට ඝන දුම් කඳු ඉහළ ගිය බව වාර්තා වුණා. 

ප්‍රදේශයේ නිලධාරියෙකු වන මොහොමඩ් සෙයිඩ් පැවසුවේ මෙතෙක් මිනිස් ජීවිත හෝ සතුන් අහිමි වී නොමැති බවයි. 

කෙසේ වෙතත්, මෙම පිපිරීම සත්ව පාලනයේ යෙදෙන ප්‍රදේශවාසීන්ට ආර්ථික බලපෑම් ඇති කළ හැකි බවට ඔහු පවසනවා.

   ගම්මාන රැසක් අළු වලින් වැසී ගොස් ඇති නිසා, එහි ප්‍රතිඵලයක් ලෙස සතුන්ට ආහාරයට ගැනීමට ඇති ඉඩකඩ සීමා වී ඇති බවත් ඔහු කියාසිටියා. 

අෆාර් කලාපය භූමිකම්පාවලට ගොදුරු විය හැකි ප්‍රදේශයක්.

 ප්‍රදේශවාසී අහමඩ් අබ්දෙලා පැවසුවේ තමාට විශාල ශබ්දයක් සහ කම්පන තරංගයක් ඇසුණු බවත්, එය "හදිසි බෝම්බයක් දුම සහ අළු සමගින් පුපුරුවා හැරියාක් මෙන් දැනුණු" බවයි.