ලොව විශාලතම න්‍යෂ්ටික බලාගාරය නැවත ආරම්භ කිරීමට ජපානයෙන් සැලසුම්
2025 December 22- Page Views : 24
ජපානය ලොව විශාලතම න්‍යෂ්ටික බලාගාරය නැවත ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ටෝකියෝ නගරයේ සිට කිලෝමීටර් 220ක් දුරින් පිහිටි න්‍යෂ්ටික බලාගාරය මෙසේ යළි ආරම්භ කිරීම සැලසුම් කර ඇති බවය.
ඒ අනුව න්‍යෂ්ටික බලාගාරය යළි විවෘත වන්නේ වසර 15කට පසුව සඳහන් වේ.
න්‍යෂ්ටික බලාගාරය යළි විවෘත කිරීම සඳහා අනුමැතිය ලැබුණහොත්, ලබන මස 20වන දින බලාගාරයේ ප්‍රතික්‍රියාකාරක හතෙන් පළමුවැන්න ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත.