බොන්ඩි ප්‍රහාරයට අදාළව තවත් අවි ආයුධ තොගයක් සොයා ගැනේ
2025 December 25- Page Views : 21
ඔස්ට්‍රේලියාවේ බොන්ඩි ප්‍රහාරකයින්ට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් අනාවරණය වූ තොරතුරු මත ගිනිඅවි බෝම්බ ඇතුළු උපකරණ තොගයක් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුගේ නිවස පරික්ෂා කිරීමේ දී මෙම උපකරණ සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට පොලීසිය පවසන ලද්ද්, එම සැකකරු සතුව තිබී පහරදීම සදහා සැලසුම් කළ ස්ථාන ලැයිස්තුවක් ද සොයාගෙන ඇති බවයි.
පසුගිය 14 වන දින ඔස්ට්‍රේලියාවේ බොන්ඩි වෙරළ තීරයේදී සිදුවු අදාළ ප්‍රහාරයෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණි.