WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අයහපත් කාලගුණයෙන් ඇෆ්ගනිස්තානයේ පවුල් 1,800කට බලපෑම්

2026 January 02- Page Views : 17

ඇෆ්ගනිස්තානයේ, කබ්කාන් දිස්ත්‍රික්කයට බලපා ඇති අධික වර්ෂාපතනයෙන් සිදු වූ ආපදාවලින් පුද්ගලයින් 17දෙනෙකු මියගොස් තිබේ.

තවත් පුද්ගලයින් 11දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එමෙන්ම නිවසක වහලයක් කඩා වැටීමෙන් සිදුවු අනතුරකින් එකම පවුලේ පස්දෙනෙකු මියගොස් ඇති බව ද සඳහන් වේ.

ආපදා හේතුවෙන් පවුල් 1,800කට පමණ බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් දක්වා ඇත.