WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉන්දියාවේ ප්‍රබල භූකම්පනයක්

2026 January 19- Page Views : 5

ඉන්දියාවේ වයඹදිග කාෂ්මීර් ප්‍රදේශයේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ.

කිලෝමීටර් 35ක් පමණ ගැඹුරින් වු භූකම්පනය රිච්ටර් මාපකයේ ඒකක 06ක ප්‍රබලත්වයක් සටහන් කර ඇති බව වාර්තා වේ.

එරට වේලාවෙන් අද (19) පෙරවරු 11.51ට පමණ මෙම භූකම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එය ප්‍රදේශ කිහිපයකට දැනී ඇති අතර ඉන් සිදුවු හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති බව ද සඳහන්.

කෙසේවෙතත් අදාළ ප්‍රදේශයේ තවත් පසු කම්පන ඇති වීමේ අවදානම පවතින බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ඉන්දීය භූ කම්පන ජාතික මධ්‍යස්ථානය දැනුම්දීමක් සිදුකර තිබේ.