කැනඩාවේ බිහිසුණු වෙඩිතැබීම පිළිබඳව ශ්‍රී ලංකාවේ සංවේගය
2026 February 12- Page Views : 35
කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රදේශයේ පාසලක සිදුවු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා එරට රජය වෙත සිය සංවේගය පල කර තිබේ.
එක්ස් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ අදාළ සිද්ධියෙන් මියගිය සහ තුවාල ලැබු පුද්ගලයින් වෙත ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් ශෝකය පල කරන බවය.
කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රදේශයේ ස්ථාන දෙකක සිදුවු වෙඩි තැබීම්වලින් සැකකරු ඇතුලුව පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තවත් 25 දෙනෙකු තුවාල ලැබීය.
කාන්තාවක් විසින් ප්‍රදේශයේ පාසලකට ඇතුළු වී එම වෙඩි තැබීම් සිදුකර ඇති අතර එහිදි පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබේ.
වෙඩි වැදී මියගිය තවත් පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු පාසල ආසන්න ප්‍රදේශයේ තිබී සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
වෙඩි තැබීම සිදුකළ කාන්තාව ද පසුව වෙඩි තබා ගෙන සියදිවි හානි කර ඇති අතර ඇය 18 හැවිරිදි ජේසී වැන් රූට්සෙලාර් නමැති තරුණියක බව සඳහන් වේ.