WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉරාන සාකච්ඡා නවත්වන්න එපා: නෙදන්යාහු

2026 February 12- Page Views : 39

කොතරම් බාධා ආවත් ඉරානය සමඟ පවත්වන සාකච්ඡා නොනවත්වා දිගටම කරගෙන යන්නැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු තමන්ට පැහැදිලි කළ බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පවසයි.

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ඇමෙරිකන් ජනාධිපතිවරයා අතරේ ඉරානය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූයේ ධවල මන්දිරයේ දී එකිනෙකා හමුවුණු අවස්ථාවේදීය. 

‘පැහැදිලි එකඟතාකාවක් ඇතිකර ගන්නා තුරු ඉරානය සමඟ දිගටම සාකච්ඡා පැවැත්වීම කළ යුතු යැයි මා මිතුරු නෙදන්යාහු මට පෙන්වා දුන්නා.’ යැයි ට්‍රම්ප් සිය ටෲත් සෝෂල් ගිණුම ඔස්සේ සටහනක් තබමින් පැහැදිලි කර ඇත.