WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්

2026 February 23- Page Views : 35

ඉන්දියාවේ ප්‍රථම ''නමෝ භාරත්'' අධිවේගී නාගරික මගී ප්‍රවාහන දුම්රිය කොරිඩෝව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතින් ඊයේ (22) විවෘත කර තිබෙනවා.

නවදිල්ලි නුවර සහ උත්තර ප්‍රාන්තයේ මීරුට් නගර යාකරමින් ඇරඹි මෙය එරට මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් බව සඳහන්.

පැයට කිලෝමීටර 120ක වේගයකින් දුම්රිය ධාවනය කිරීමට නියමිත මාර්ගයේ දුර කිලෝමීටර් 82.5ක්.

ඒ අනුව එම ගමනාන්ත දෙක අතර ගමන් කාලය මිනිත්තු 55ක් බවයි වාර්තා වන්නේ.

මේ අතර කෙටි දුර මීරුට් මෙට්‍රෝ දුම්රිය සේවයද ආරම්භ කර තිබෙනවා.

ඉන්දීය රුපියල් කෝටි 30,270කට අධික වන ව්‍යාපෘතිය හරහා තෝරාගත් දුම්රිය ස්ථාන කිහිපයක දී ජනතාවට සේවය ලබා ගැනීමට හැකියාව පවතිනවා.