WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉරානය සහ කටාර් අතර ගුවන් ගමන් සීමා වෙයි

2026 February 27- Page Views : 25

කාටාර් එයාර්වේස් (Qatar Airways) සමාගම විසින් ඉරානය වෙත සහ ඉරානයේ සිට ක්‍රියාත්මක වන ගුවන් ගමන් කිහිපයක් තාවකාලිකව අත්හිටුවීම ජුනි 30 වැනිදා දක්වා දීර්ඝ කර ඇති බව එම ගුවන් සමාගම නිකුත් කළ නිවේදනයක සඳහන් වෙනවා.

අදාළ නිවේදනයේ දක්වා ඇති කාලසටහනට අනුව, මාර්තු 01 වැනිදා සිට ජුනි 30 වැනිදා දක්වා කටාර් අගනුවර සහ ටෙහෙරානය අතර දිනකට එක් ගුවන් ගමන බැගින් ක්‍රියාත්මක වන බව සඳහන්.

එමෙන්ම, ඉරානය වෙත සහ ඉරානයේ සිට ක්‍රියාත්මක වන අනෙකුත් සියලුම කාටාර් එයාර්වේස් සේවාවන් මෙම දීර්ඝ කරන ලද කාලසීමාව පුරාම අත්හිටුවා පවතින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.