මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්
2026 April 04- Page Views : 18
ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (04) දින 36ක් ගතවී ඇත.
----------------------------------
UPDATE - 7.00 AM
ඉරානය එල්ල කළ ප්‍රහාරයකින් ඊයේ (3) බිමහෙළු F-15 ප්‍රහාරක ජෙට් යානයේ සිටි ගුවන් නියමුවා සෙවීම සඳහා ගමන්ගත් අමෙරිකානු A-10 යානයකටද මිසයිල ප්‍රහාරයක් එල්ලකර බිම හෙලා තිබේ.
හෝමූස් සමුද්‍ර සන්ධිය අසල ඉහළ අහසේ දී මෙම යානය ප්‍රහාරයට ලක්ව ඇති අතර, ඒ අනුව දිනක් තුළ අමෙරිකාවට ප්‍රහාරක යානා 2ක් අහිමි විය.
----------------------------------
UPDATE - 6.25 AM
ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරයකින් බිඳහෙළු අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයේ සිටි ගුවන් නියමුවා සෙවීම සඳහා අමෙරිකාව මෙන්ම ඉරානයද මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
දකුණු ඉරානයේ දී ඊයේ (3) මෙලෙස බිම හෙළන ලද්දේ F-15 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයක් වන අතර, එහි සිටි ගුවන් නියමුවන්ගෙන් එක් අයෙකු බේරාගැනීමට අමෙරිකාවට හැකිවිය.