WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බණ්ඩාරවෙල එළවළු මාකට් එකේ සූදු පොළක් - 10ක් අත්අඩංගුවට

2026 May 23- Page Views : 6

බණ්ඩාරවෙල එළවළු තොග වෙළෙඳ මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගිය සූදු පොළක් වැටලීමට බණ්ඩාරවෙළ පොලිස් කොට්ඨාස අපරාධ ඒකකය අද (23) අලුයම සමත්ව තිබේ.

බණ්ඩාරවෙල පොලිස් විශේෂ ඒකකය මගින් ලබාදුන් තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් අද බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.