කළු ගඟේ පහත් බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක්
2026 May 23- Page Views : 7
කළු ගඟ ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් කළු ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාර්මාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.
අද පෙරවරු 8.30 සිට පැය 24ක කාලයක් දක්වා බලපැවැත්වෙන පරිදි මෙම අනතුරු ඇඟවීම සිදු කරන බව එම දෙපාර්තමේන්තු සඳහන් කර සිටී.
ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, හොරණ, දොඩංගොඩ, මිල්ලනිය, කළුතර, බුලත්සිංහල, මදුරාවල හා පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව සඳහන්.