Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සිරසට එරෙහි වාරණය නැවතත් දීර්ඝ කෙරේ

||Wed, 13 January 2021|Miscellaneous| Page Views :

ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගම සහ එහි සභාපතිවරයාට අපහාසාත්මක වන පුවත් විකාශය කිරීම වළක්වාලමින් MTV චැනල් පුද්ගලික සමාගම වෙත පනවා ඇති වාරණ නියෝගය මේ මස 18 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කර තිබේ.

එම නඩුව අද (13) කොළඹ අතිරේක දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා හමුවේ කැඳවනු ලැබීය.එහිදී අතිරේක දිසා විනිසුරුවරයා විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශකළේ මෙම නඩුව තමන් විමසීම සම්බන්ධයෙන් වගඋත්තරකාර පාර්ශ්වය විරෝධය පළ කරන හෙයින් තමා මෙම නඩුව විමසීමෙන් ඉවත්වන බවය.

ඒ අනුව නඩු විමසීම සම්බන්ධයෙන් ඉදිරි පියවර තීරණය කිරීම සඳහා එය කොළඹ දිසා විනිසුරු ශාන්ත ගොඩවෙල මහතා හමුවට ඉදිරිපත් කෙරුණි. එහිදී විනිසුරුවරයා නියෝග කළේ මෙම නඩුව තමා විසින් විභාගයට ගන්නේ ද නැද්ද යන තීරණය මේ මස 18 වනදා ප්‍රකාශයට පත් කරන බවය.

ඒ අනුව එදින දක්වා දැනට නිකුත් කර තිබෙන වාරණ නියෝගය දීර්ඝ කරන බව ද විනිසුරුවරයා සඳහන් කළේ ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගම සහ එහි සභාපති දිලිත් ජයවීර මහතා විසින් මෙම නඩුව ගොනුකර තිබේ.

පැමිණිලිකරුවන් සඳහන් කර ඇත්තේ කොවිඩ්-19 ආසාදිතයින් හඳුනාගැනීම සඳහා භාවිත කරන "රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල" ආනයනය කිරීම සම්බන්ධයෙන් වගඋත්තරකාර MTV චැනල් පුද්ගලික සමාගම විසින් සිය ප්‍රවෘත්ති විකාශ ඔස්සේ අසත්‍ය සහ මහජනතාව නොමඟ යවන සුළු ප්‍රවෘත්ති විකාශය කළ බවය.

ඉකුත් නොවැම්බර් මස 11, 13, 16 සහ 19 යන දිනවල ප්‍රවෘත්ති විකාශ ඔස්සේ මෙම "රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල" ආනයනය කිරීම සම්බන්ධයෙන් ද්වේෂ සහගත අරමුණකින් වගඋත්තරකාර ආයතනය විසින් අසත්‍ය, ගොතන ලද සහ මහජනතාව නොමඟ යවන සුළු ප්‍රවෘත්ති විකාශය කළ බව පැමිණිලිකරුවෝ කියා සිටිති.

ඒ තුළින් සිය කීර්තියට දැඩි හානියක් සිදුවූ බව ඔවුන් පෙන්වා දෙයි. ඒ අනුව තම ආයතනයේ කීර්තියට හානි සිදුකළ හැකි අසත්‍ය සහ ගොතන ලද පුවත් විකාශය කිරීම වළක්වාලීමේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසත්, සිය කීර්තියට සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් බිලියන 2ක වන්දියක් අය කර දෙන ලෙසත් ඉල්ලමින් ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගම සහ එහි සභාපතිවරයා විසින් මෙම පැමිණිල්ල කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකළේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න