Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විස්සයි විස්ස ලෝක කුසළානයේ උපදේශකවරයෙකු ලෙස මහේල කැදවීමට අවධානය

|Tue 14 September 2021|Miscellaneous| Page Views :

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන පත් කිරීම කෙරෙහි ක්‍රිකට් බලධාරීන්ගෙන් අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

මහේල ජයවර්ධනගේ සහාය ලබා ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් විමසා බලන ලෙස ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් ක්‍රිකට් කමිටුවෙන් ඉල්ලීමක් කර ඇති බවයි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වි ඇත.

මහේල ජයවර්ධන මේ වන විට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අවස්ථා 3කදී අයි පී එල් ශූරයින් බවට පත් වුණාය.

මහේල ජයවර්ධන සැලකෙන්නේ ලීග් ක්‍රිකට් තරගාවලිවල සාර්ථකම පුහුණුකරුවෙකු ලෙසයි.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන කණ්ඩායම් රැසක් සිය කණ්ඩායමේ උපදේශකයින් ලෙස අත්දැකිම් බහුල හිටපු ක්‍රීඩකයින් එක්කරගෙන තිබේ. ඉන්දීය කණ්ඩායම ඒ සදහා පත් කර ඇත්තේ හිටපු නායක මහේන්ද්‍රසිං දෝනියි. ජේ පී ඩුමිනි මෙවර ලෝක කුසලාන තරගාවලියට එක්වන දකුණු අප්‍රිකානු කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස පත්කර තිබේ.

මේ අතර සංචාර දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 3 වන සහ අවසන් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී අද පැවැත්වේ. තරගය රාත්‍රි 7ට ආරම්භ වීමට නියමිතයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න