WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ නවසීලන්තය පරදවති

2023 July 12- Page Views : 35

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ නවසීලන්තයට එරෙහිව පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (12) පැවැති තෙවැනි සහ අවසන් විස්සයි20 තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.

ශ්‍රී ලංකා පිල ලකුණු 141 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 14.3 කදී කිසිවකු නොදැවී රැස්කිරීමට සමත් වීම කැපී පෙනේ.

එහිදී චමරි අතපත්තු පන්දු 47 කදී හතරේ පහර 13 ක් සහ හයේ පහර දෙකක් සමගින් නොදැවී ලකුණු 80 ක් රැස්කිරීමට සමත් වූවාය.

හර්ෂිතා මාධවී පන්දු 40 කදී හතරේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 49 ක් රැස් කළාය.

නවසීලනත් මෙම තරගාවලියේ පළමු තරග දෙක ජය ලැබීම නිසා 2-1 ක් ලෙස තරගාවලිය ජය ලැබීය.

නවසීලන්ත කාන්තා ක්‍රිකට් පිල ඕවර 20 කදී කඩුලු 9 ට 140 (සුසී බාටිස් 37, සොපී ඩෙවිනේ 46, සුගන්දිකා කුමාරි 23/2, ඉනෝකා රණවීර 15/3) ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ඒවර 14.3 කදී කිසිවකු නොදැවී 143 (හර්ෂිතා මාධවී නොදැවී 49, චමරි අතපත්තු නොදැවී 80)