WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බංග්ලාදේශ ඒ පිල සමග ශ්‍රී ලංකා ඒ පිල අද තරග බිමට

2024 October 22- Page Views : 37

මේ දිනවල ඕමානයේදී පැවැත්වෙන නැගී එන කණ්ඩායම් ආසියානු කුසලානයේදී බංග්ලාදේශ ඒ පිල සමග ශ්‍රී ලංකා ඒ පිල අද (22) තරග වැදීමට නියමිතයි.

ශ්‍රී ලංකා වේලාවෙන් මෙම තරගය රාත්‍රි 7ට පැවැත්වෙනු ඇති.

මෙම තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට වැදගත් වන අතර යම් හෙයකින් මෙම තරගයෙන් ශ්‍රී ලංකා පිල පරාජයට පත්වුවහොත් මේ වනවිට අවසන් පූර්ව වටයට පිවිස තිබෙන ඇෆ්ගනිස්ථානය සමග බංග්ලාදේශ පිල අවසන් පූර්ව වටයට පිවිසෙනු ඇති.

ඒ අනුව මේ වනවිට තරග දෙකකට සහභාගි වී එම තරග දෙකම ජයගෙන ප්‍රසාද ලකුණු 4ක් ලබා ගනිමින් ඇෆ්ගනිස්ථාන ඒ පිල අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තහවුරු කරගෙන ඇති අතර ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය තරග දෙකකට සහභාගි වී එක් තරගයක් ජයගෙන ප්‍රසාද ලකුණු 2 බැගින් හිමිකරගෙන සිටිනවා.

එහෙයින් අද පැවැත්වෙන ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගය ජයගන්නා කණ්ඩායම අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තහවුරු කර ගනු ඇති.