WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකා - පාකිස්තාන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා

2023 July 16- Page Views : 35

ශ්‍රී ලංකාව සහ සංචාරක පාකිස්තානය අතර ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ටෙස්ට් තරගය සඳහා වර්ෂාවෙන් බාධා එල්ල වී ඇත.

තරගයේ පළමු දිනය වන අද (16) කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න, පළමුව පන්දුවට පහර දීම තෝරාගත්තේය.

ආරම්භක පිතිකරුවන් ලෙස නායක දිමුත් කරුණාරත්න සහ නිශාන් මධුමාල් පිටියට පිවිසි අතර, පළමු කඩුල්ල ලෙස නිශාන් මධුමාල් ලකුණු 04කට දැවී ගියේය.

වර්ෂාවෙන් බාධා එල්ල වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 01ක් දැවී ලකුණු 08ක් ලබා ගෙන සිටි අතර, ක්‍රියාත්මක වෙමින් තිබුණේ හය වන පන්දුවාරයයි.