WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ප්‍රපාතයට යන්න ගිය බසය පාර හරහා බුදි

2023 November 20- Page Views : 35

බදුල්ල සිට කන්දේගෙදර ට වතු සේවකයන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ පෞද්ගලික බස්රථයක් අද (20) උදෑසන බදුල්ල අලුගොල්ල කොහොවිල කදුර ප්‍රදේශයේ දී මාර්ගය හරහා පෙරලීයාමෙන් බස්රථයට දැඩි ලෙස අලාභහානි වී එහි ගමන් ගත් වතු සේවකයන් කිසිදු තුවාලයක් නොලබා බේරි ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.

මෙම වතු සේවකයන් පිරිස රැගත් පෞද්ගලික බස්රථය මෙසේ බදුල්ල සිට කන්දේගෙදර දක්වා බදුල්ල අලුගොල්ල හරහා කන්දේගෙදර මාර්ගයේ ධාවනය වෙමින් තිබියදී කොහොවිල කදුර ප්‍රදේශයේ දී බස්රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝශයක් නිසාවෙන් රියදුරු බස්රථය මාර්ගය අසල වේල්ලකට අල්ලා නවතා ගැනිමට යාමෙදි මෙසේ බස්රථය මාර්ගය හරහා පෙරලීගොස් ඇති බවත් පොලිසිය සදහන් කළේය .

එසේ නොවූයේ නම් බස්රථය අඩි දහසක පමණ ප්‍රපාතයකට පෙරලී ගොස් විශාල අනතුරක් වීමට ඉඩකඩ තිබිණැයි පොලිසිය කීය .

බස්රථය අනතුරට පත්වන අවස්ථාවේ එහි වතු සේවකයන් විස්සකට ආසන්න පිරිසක් සිටි තිබේ.

බදුල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වති .