WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ICCයේ ලොකුම වැඩේ කොළඹට

2024 February 01- Page Views : 36

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහ සභා රැස්වීමේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිව ඇති බව සංචාරක සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා සිය X ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබේ.

අදාළ X පණිවුඩයේ දැක්වෙන්නේ එළඹෙන ජුලි මස 19 සිට 22 දක්වා ICC වාර්ෂික මහ සභා රැස්වීම කොළඹදී පැවැත්වෙන බවය.

එමගින් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සහ සංචාරක ව්‍යාපාරයේ වර්ධනයට විශාල ශක්තියක් සැපයෙනු ඇති බවද අමාත්‍යවරයා සිය X පණිවුඩයෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.