WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

2024 February 02- Page Views : 35

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර ටෙස්ට් ක්‍රිකට් තරගය අද (02) කොළඹදී පැවැත්වෙයි.

එහි කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්වූ අතර ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඇෆ්ගනිස්තානය වෙත ලබාදුනි.

දෙරට අතර ටෙස්ට් තරඟයක් පැවැත්වෙන පළමු අවස්ථාවද මෙය වෙයි.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ප්‍රකාශ කළේ මීට පෙර ටෙස්ට් තරඟ 07කට පමණක් ක්‍රිඩා කර ඇති තම කණ්ඩායම ප්‍රබල ශ්‍රී ලංකාව හමුවේ තියුණු තරඟයක් ලබාදීමට බලාපොරොත්තු වන බවය.

ශ්‍රී ලංකා කණ්ඩායම ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් පළමු වරට මෙම තරඟයට සහභාගී වෙයි.