WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දෙවැනි එක්දින තරගය අද

2024 February 11- Page Views : 35

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද (11) ආරම්භ වීමට නියමිතයි.

ඒ, මහනුවර පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා රාත්‍රී තරගයක් ලෙසිනි.

තරගය පස්වරු 02.30ට ආරම්භ වීමට නියමිතයි.

අද තරගය සදහා පළමු එක්දින ක්‍රිකට් තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ම සහභාගි වනු ඇති බවට වාර්තා වේ.

දෙරට අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 42කින් ජයග්‍රහණය කළේ ය.

එම ජයග්‍රහණය සහ පැතුම් නිස්සංක වාර්තා කළ වාර්තාගත ද්විත්ව ශතකයත් සමඟ, අද තරගය පිළිබඳ ක්‍රිකට් ලෝලින් පසු වන්නේ ඉතා උනන්දුවකින් බව සඳහන් ය.