WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නායකත්ව වගකීම රෝහිත්ට පැවරෙයි

2024 February 15- Page Views : 36

2024 T20 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම රෝහිත් ශර්මා වෙත ලබා දී ඇති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) ලේකම් ජේ ශා සඳහන් කර ඇත.

රාජ්කොට්හි පැවති උත්සවයක දී මාධ්‍යය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව අවධාරණය කර තිබේ.

2022 T20 ලෝක කුසලානය සඳහා ද ඉන්දීය කණ්ඩායමට නායකත්වය දුන් රෝහිත් ශර්මා මෙවර එම වගකීම දරන්නේ දෙවැනි වතාවට ය.

ඔස්ට්‍රේලියාවේ පැවැති එම තරගාවලියේ දී ඉන්දියාව අවසන් පූර්ව වටයේ දී එංගලන්තය හමුවේ පරාජයට පත් විය.

ඉන් පසු ව රෝහිත් ශර්මා T20 තරගවලට සහභාගි නොවූ අතර, ඔහු 2023 දී එකදු T20 තරගයක් වත් ක්‍රීඩා කර නැත.

නමුත් 2024 ජනවාරි මාසයේ දී ඇෆ්ගනිස්තානය සමඟ පැවති T20 තරගාවලියේ නායකත්වය සඳහා ඔහුව කැඳවා තිබිණි.

එම තරගාවලියේ දී වාර්තා කළ ශතකයත් සමඟ 20යි 20 ශතක 05ක් වාර්තා කළ ලොව එක ම ක්‍රීඩකයා බවට රෝහිත් ශර්මා පත් විය.

මීට පෙර ඉන්දීය විස්සයි විස්ස කණ්ඩායම මෙහෙයවූයේ සූරියකුමාර් යාදව් විසිනි.