WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

විස්සයි විස්ස තරගාවලියේ ප්‍රවේශපත්‍ර අවසන්

2024 February 18- Page Views : 37

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග දෙකෙහි ප්‍රවේශපත්‍ර සියල්ල අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

මේ හේතුවෙන් තවදුරටත් ප්‍රවේශපත්‍ර අලෙවි කුටි වෙත පැමිණීමෙන් වළකින ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටී.

එසේම ප්‍රවේශපත්‍ර අවසන් වීම හේතුවෙන් දඹුල්ල සහ කොළඹ පිහිටුවා තිබූ ප්‍රවේශපත්‍ර අලෙවි කුටි වසා දැමීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය නැරඹීම සඳහා 18,000ක ප්‍රේක්ෂකයින් පිරිසක් පැමිණි බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය හෙට (19) සහ තුන්වන විස්සයි විස්ස තරගය එළඹෙන 21 වනදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.