WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නීල් වැග්නර් සමුගනී

2024 February 27- Page Views : 35

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ.

ඔහු එම තීරණය ගෙන ඇත්තේ, ඔස්ට්‍රේලියාවට එරෙහිව එළඹෙන බ්‍රහස්පතින්දා ආරම්භ වන ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලිය සඳහා ඔහුව තෝරා නොගන්නා බව නවසීලන්ත තේරීම් කමිටුව ප්‍රකාශ කිරීමත් සමඟය.

තමාව ටෙස්ට් තරගාවලිය සඳහා නම් නොකිරීම සම්බන්ධයෙන් වැග්නර්, පසුගිය සතියේ පුහුණුකරු ගැරී ස්ටෙඩ් සමඟ වාද කර ඇති බව මාධ්‍ය වාර්තා පවසයි.

37 හැවිරිදි වැග්නර්, ටෙස්ට් තරග 64කට සහභාගී වී කඩුලු 260ක් දවා ගෙන තිබේ.