WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

තෙවන විනිසුරුගේ තීරණය ගැන ශ්‍රී ලංකා කණ්ඩායමෙන් පැමිණිල්ලක්

2024 March 07- Page Views : 35

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවන 20යි 20 ක්‍රිකට් තරගය කඩුලු 8කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්වුණි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවි ලකුණු 165ක් ලබාගත්තේය.

එම ඉනිම වෙනුවෙන් කමින්දු මෙන්ඩිස් ලකුණු 37ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 36ක් ලබා ගැනීමට සමත්වුණි.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 18යි එක් පන්දුවක් තුළ කඩුලු දෙකක් පමණක් දැවි ලකුණු 170ක් ලබාගනිමින් ජයග්‍රහණය වාර්තා කළේය.

එම ඉනිම වෙනුවෙන් නජ්මුල් හොසෙයින් ෂැන්ටෝ නොදැවී ලකුණු 53ක් ලබා ගැනීමට සමත් වුණි.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් යුත් 20යි 20 තරගාවලිය තරග එකට එකක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසු වේ.

මෙම තරගයේ හතර වන පන්දුවාරයේ පළමුව පන්දුවේ දී ප්‍රධාන විනිසුරුවරයා ලබාදුන් දැවීයාමේ තීන්දුව තෙවන විනිසුරුවරයා නොදැවී යාමක් ලෙස ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සහය පුහුණුකරු නවීඩ් නවාස් මහතා සඳහන් කළේ, තරග තීරකවරයා හරහා අදාළ පැමිණිල්ල සිදුකිරීමට බලාපොරොත්තු වන බවය.