WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ලෝක කුසලානයට ඉදිවන සුපිරි ක්‍රිකට් පිටිය

2024 March 07- Page Views : 35

එළඹෙන ජුනි මස 02 වනදා ආරම්භ වන විස්සයි විස්ස ලෝක තරගාවලිය වෙත ලොවපුරා ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය මේ වනවිටත් යොමුවී අවසන්.

මේ සුවිශේෂී කතාව වාර්තාවන්නේ ලෝක කුසලාන තරගාවලිය ආරම්භයට පසුදින එනම් ජුනි මස 03 වනදා සිට තරග පැවැත්වෙන සුවිශේෂී ක්‍රීඩාංගණයක් පිළිබඳවය.

Nassau County International Cricket Stadium එහෙමත් නැත්නම් නිව්යෝක් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ තවමත් තණකොළ ගහක්වත් නැතිවීම විශේෂත්වයක්.

තවත් මාස 03ක් ඉතිරිව තිබියදී ලෝකෙම මවිත කරවමින් අභියෝගය භාරගත් අමෙරිකාව ක්‍රීඩාංගණය ඉදිකිරීම මේ වනවිට ආරම්භ කර තිබේ.

34,000කට එකවර තරගය නැරඹිය හැකි පහසුකම් සහිතව ඉදිවන මෙම ක්‍රීඩාංගණයේ මාසයක ප්‍රගතිය මුල්වරට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඊයේ මුල්වරට එළිදැක්වීය.

ලෝක කුසලාන තරගාවලිය සඳහාම ඉදිවන මෙම ක්‍රීඩාංගණය වෙත ලෝකයේම අවධානය යොමුවූ තවත් හේතුවක් වන්නේ ක්‍රිකට් ලෝකයේ ආන්දෝලනාත්මක තරගයක් වන ඉන්දු පාකිස්තාන ක්‍රිකට් තරගය ද මෙම ක්‍රීඩාංගණයේදී පැවැත්වීමය.

මූලික වටයේ තරගවලදී ඉන්දීය කණ්ඩායම තරගවදින තරග ත්‍රිත්වයක් ම මෙම ක්‍රීඩාංගණයේදී පැවැත්වීම තවත් සුවිශේෂී කරුණකි.

පාකිස්තානයට අමතරව සත්කාරක අමෙරිකානු කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ඔවුන් මෙම තරගයේදී ක්‍රීඩා කරනු ඇත.

මේ අතර ශ්‍රී ලංකාවටද 2024 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහාම ඉදිවන මෙම නව ක්‍රීඩාංගණය හා සුවිශේෂී මතකයක් එක්වනු ඇත.

ඒ මෙම ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ මංගල තරගය ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමය.

මාසයක කාලයක් තුළ ක්‍රීඩාංගණයේ ඉදිකිරීම්වල ප්‍රගතිය දැක්වෙන වීඩියෝව පහතින්.