WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

එංගලන්ත ප්‍රබලයෙක් IPL තරගාවලියෙන් ඉවත්වෙයි

2024 March 14- Page Views : 35

එංගලන්ත කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවෙක් එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වී තිබේ.

ඒ එංගලන්ත කණ්ඩායමේ තරුණ ක්‍රීඩකයෙක් වන හැරී බෘෘක් ය.

සිය මිත්තනියගේ මරණය හේතුවෙන් තරගාවලියෙන් ඉවත්වීමට තමා තීරණය කළ බව නිවේදනයක් නිකුත් කරමින් ඔහු පැවසීය.

පසුගියදා පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 4කට හැරී බෘෘක් ව මිලදී ගනු ලැබීය.

කෙසේවෙතත් හැරී බෘෘක් වෙනුවට කණ්ඩායමට ඇතුළත් කෙරෙන ක්‍රීඩකයා පිළිබඳ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම මෙතෙක් නිල වශයෙන් වාර්තා කර නොමැත.

සිය මිත්තනිය පසුගිය මාසයේ මියගිය බැවින් තමා එම තීරණය ගත් බවත් එංගලන්ත පිතිකරුවා පැවසීය.

තමා කුඩා කාලයේ පටන් සිය මිත්තනිය තමාගේ සෙවණැල්ල මෙන් කටයුතු කළ බව බෘෘක්, එබැවින් එම මරණය තමාට බෙහෙවින් කම්පාව ඇතිකළ සිදුවීමක් බවත් කීය.

බෘෘක් ගේ මිත්තනිය මාස කිහිපයක් අසනීපව සිටි අතර එබැවින් ඔහු ඉන්දියාව සමග පැවති තරග 5කින් සමන්විත ටෙස්ට් තරගාවලියට ද සහභාගී නොවීය.