WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බංග්ලාදේශයට ලැබුණු ඉලක්කය

2024 April 02- Page Views : 38

ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගයේ සිව් වැනි දිනය අදයි.

මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම අත්හිටුවීය.

ඒ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 157ක් ලබාගෙන සිටියේය.

ඒ අනුව මෙම තරගය ජය ගැනීම සඳහා බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 511ක් ලබාගත යුතුය.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 56ක් ලබාගත්තේය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 531ක් ලබාගත් අතර බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා රැස්කළේ ලකුණු 178ක් පමණි.