WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

චමෝදි ප්‍රබෝධා ලකුණු 42කට කඩුලු 5ක් දවා ගනී

2024 April 09- Page Views : 36

වයස අවුරුදු 19න් පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ එංගලන්තයට එරෙහිව ලකුණු 108ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් අද (09) සමත් වූවාය.

මෙම තරගයේදී 14 හැවිරිදි චමෝදි ප්‍රබෝධා ලකුණු 42කට කඩුලු 5ක් දවා ගැනීම කාගේත් වැඩි අවධානයට ලක්වුණි.

ගාල්ලේ පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 4කදී සියලු දෙනා දැවී ලකුණු 226ක් රැස් කළාය.

ලකුණු 227ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එංගලන්ත යොවුන් ක්‍රීඩිකාවන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් සමත් වුණි.

ඒ අනුව එංගලන්ත පිලට පන්දුවාර 23යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කරගැනීමට හැකි වූයේ ලකුණු 118ක් පමණි.

ඒ අනුව ශ්‍රී ලංකාව තරගය ජයගත්තේ ලකුණු 108කිනි.