WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

IPL වාර්තා අලුත් කළ සුපිරි තරගයක්

2024 April 16- Page Views : 35

IPL තරගාවලියේ RCB කණ්ඩායම සහ SRH කණ්ඩායම අතර ඊයේ පැවති සුපිරි ක්‍රිකට් තරගය වෙත ලෝකයේම අවධානය යොමුවිය.

ඒ විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ ලොව ජනප්‍රියම තරගාවලිය වන IPL හි වාර්තා ඊයේ දිනයේ අලුත්වීම හේතුවෙනි.

ඊයේ පැවති තරගය RCB කණ්ඩායම ලකුණු 25කින් පරාජය කළ SRH කණ්ඩායම ජය හිමිකරගැනීමට සමත්විය.

SRH කණ්ඩායම පන්දුවාර 20 දී කඩුලු 03ක් දැවී ලකුණු 287ක් ලබා ගත් අතර එය IPL පිටියේ කණ්ඩායමක් ලැබූ ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

එය මීට සති තුනකට පෙර SRH කණ්ඩායම විසින්ම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 03ක් දැවී ලකුණු 277ක් ලබා පිහිට වූ වාර්තාව අලුත් කිරීමකි.

තරගයේ දී RCB කණ්ඩායම ද කඩුලු 07ක් දැවී ලකුණු 262ක් ලබා ගැනීමට සමත් වුණි.

ඒ අනුව සමස්ත තරගයේ දී ලකුණු 549ක් වාර්තා වූ අතර එය පන්දුවාර විස්ස තරගයක දී කණ්ඩායම් දෙකක් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද වෙයි.

එම තරගයේදී SRH කණ්ඩායම හයේ පහර 22ක් එල්ල කළ අතර එය IPL තරගයක ඉනිමකදී එල්ලකළ වැඩිම හයේ පහර සංඛ්‍යාව විය.

තරගය පුරා හයේ පහර 38ක් එල්ල වූ අතර එය ද ඕනෑම පන්දුවාර විස්සයි විස්ස තරගයක වාර්තා වූ වැඩිම හයේ පහර සංඛ්‍යාව ද විය.