WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ආසියා කැරම් අනු ශූරයෝ දිවයිනට

2024 May 03- Page Views : 35

06 වන ආසියානු කැරම් අනු ශූරතාවය දිනා ගනිමින් රිදී පදක්කමත්, කාන්තා යුගළ තරගාවලියෙන් ලෝකඩ පදක්කමත් , පිරිමි කණ්ඩායම මෙම තරගාවලියේ තුන් වන ස්ථානයත් දිනා ගනිමින් අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

මෙම තරගාවලිය පසුගිය 27 - 01 දින දක්වා මාළදිවයින මාළේ නුවර දී ආසියානු කළාපයේ රටවල් 07 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි .

මෙම තරගාවලියේ දී " ස්විස් ලීග් " ඉසව්ව සදහා තරග කළ ශ්‍රී ලාංකික ක්‍රීඩක සයිඩ් හිල්මි එහි අනු ශූරතාවය දිනා ගනිමින් රිදී පදක්කමක් දිනා ගැනීමට ද සමත් වී තිබුණි .

කටුනායක ගුවන් තොටුපොළේ දී මේ පිළිබඳ අදහස් දැක්වූ ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ ලේකම් සහ කණ්ඩායමේ පුහුණුකරු ලැන්ග්ලි මතායස් මහතා වත්මන් ලෝක ශූරතාවය හිමි කර ගෙන සිටින්නේ ශ්‍රී ලංකා කැරම් කණ්ඩායම බවත් මීට පෙර අවස්ථා හතරක දී ලෝක ශූරතාවය දිනා ගෙන ඇති බවත් සදහන් කළේය, එළඹෙන නොවැම්බර් මස ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වීමට නියමිත ලෝක ශූරතා තරගාවලියට සහභාගී වී එහි ශූරතාවය දිනා ගැනීම තම බලාපොරොත්තුව බව ද පැවසීය .