WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සාජන්ට පහර දුන් එකම පවුලේ තුනක් අත්අඩංගුවට

2024 September 18- Page Views : 31

බීමතින් පැමිණි පිරිසක් ඇඹිලිපිටිය ප්‍රදේශයේ කාන්තාවකට පහරදුන් බවට ලද පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සැරයන්වරයකුට පහරදී තුවාල කිරීම සම්බන්ධයෙන් එකම පවුලේ සහෝදරයන් තිදෙනකු ඇතුළු හතර දෙනකු අත්අඩංගුවට ගත් බව ඇඹිලිපිටිය පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 19,23 සහ 30 වයස්වල පසුවන කුඹුගොඩ ආර, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි සිවු දෙනකු බව පොලිසිය පවසයි.

ඇඹිලිපිටිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් රාත්‍රී ජංගම සංචාරයේ යෙදී සිටියදී පිරිසක් කාන්තාවකට පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් 119 හදිසි ඇමතුම් මධ්‍යස්ථානයෙන් ලද පැමිණිල්ලකට අනුව එම ස්ථානයට ගොස් ඇත.

එහිදී එම නිවෙස ඉදිරිපිට සිටි සැකකරුවන්ට ප්‍රකාශයක් ලබාදීම සදහා පොලිස් ස්ථානය වෙත පැමිණෙන ලෙසට දැනුම් දුන්නද එම අවස්ථාවේ බීමතින් සිටි සැකකරුවන් පොලිස් ස්ථානයට පැමිණීම ප්‍රතික්ෂේප කර ඇති බව පොලිසිය පවසයි

අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ත්‍රිරෝද රථයට නංවාගැනීමට යාමේදී සැකකරුවන් විසින් පොලිස් සැරයන්වරයකුට පහරදී අත්අඩංගුවෙන් මිදී පලායාමට උත්සාහ කර ඇති බව පොලිසිය පවසයි.

එහිදී සැකකරුවන් සිවු දෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ඇඹිලිපිටිය දිසාව බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ මහතාගේ උපදෙස් පරිදි ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.