WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මාස දෙකේ සිඟිත්තෙක් මහා පාරේ දමා ගිහින්

2025 March 10- Page Views : 34

අම්බලන්ගොඩ මාදම්පේ දේවගොඩ ප්‍රදේශයේ මහ පාර අයිනේ දමා ගිය කුඩා බිළිදෙකු අද උදේ සොයාගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

මෙසේ සොයා ගනු ලැබූවේ මාස දෙකක් පමණ වයැසැති පිරිමි දරුවකු බව ද පොලීසිය කියයි.

අම්බලන්ගොඩ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ඇල්ගිරියගේ මහතාට ලබා දුන් තෙරතරුකට අනුව මහ පාර අයිනේ හඬමින් සිටි මේ කිරිකැටියා වහා රෝහල් ගතකර ඇත.

අම්බලන්ගොඩ පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි රේණුකා මහත්මිය ඇතුලු පොලිස් කාන්තාවන් පිරිසක් මෙම සිඟිත්තා බළපිටිය රෝහලට රැගෙන ගියාය.

සිගිත්තාගේ සෞඛ්‍ය තත්වය ඉතාම යහපත් බව බලපිටිය මූලික රෝහලේ ප්‍රකාශකයෙක් කීවේය.