WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගම්පහ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනවල පොල් පැළ 1000ක් රෝපණය කිරීම ඇරඹෙයි

2025 March 12- Page Views : 32

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන පරිශ්‍ර තුළ පොල් පැළ 1000ක් රෝපණය කිරීමේ වැඩසටහන මේ වන විට ආරම්භ කර තිබෙනවා.

රාජ්‍ය ආයතන සතු ඉඩම්වල උපරිම භූමි පරිභෝජනය තහවුරු කිරීම හා අනාගත පොල් පරිභෝජනය සපුරා ගැනීම සඳහා දායකත්වයක් ලබාගැනීම වෙනුවෙන්, ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතා කළ ඉල්ලීමට අනුව පොල් වගා කිරීමේ මණ්ඩලය මඟින් පළමු අදියර යටතේ පොල් පැළ 750ක් ලබාදීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ පොල් පැල 100ක් ද දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු සෙසු රාජ්‍ය ආයතන පරිශ්‍රවල ඉඩ පහසුකම් අනුව ඉතුරු පොල් පැළ 650 වගා කිරීමට කටයුතු කරනු ලැබෙනවා.

රෝපණය කරන සියලුම පැළ ආරක්ෂා කිරීම හා රැක බලාගැනීම තහවුරු කරන ලෙසත් අප්‍රේල් මස 10වනදාට පෙර සියලුම පැළ රෝපණය කිරීමේ කටයුතු අවසන් කළ යුතු බවත් දිස්ත්‍රික් ලේකම්වරයා විසින් ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.