ගුවනේ දී මගීන්ට සහ ගුවන් සේවිකාවන්ට හිරහැර කළ අයෙකු අත්අඩංගුවට
2025 March 12- Page Views : 34 ගුවන් යානය තුළ සිටි මගීන්ට සහ ගුවන් සේවිකාවන්ට හිරහැර කිරිම හේතුවෙන් එම යානයේම ගමන ගත් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන්දියාවේ මුම්බායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක සිටියදී මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ, යාපනය - නාගදීපයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙක්.
අධික ලෙස මත්ද්‍රව්‍ය පානය කර සිට ඇති මොහු යානය තුළ සිටි මගීන්ට හිරහැර වන ආකාරයට හැසිරී ඇති අතර පසුව එහි සිටි ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට ලිංගික අඩන්තේට්ටම් කිරිමට ද තැත්කර ඇති බවයි වාර්තා වන්නේ.
යානය ගොඩ බැස්වීමෙන් අනතුරව ගුවන් තොටුපොළ පොලීසිය අදාළ ගුවන් මගියා අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.