WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මොළයයි හදවතයි ඇති මිනිහෙක් හදන්න අධ්‍යාපනය වෙනස් කරනවා

2025 March 10- Page Views : 16

මොළය විතරක් නොව හදවතක් තිබෙන පරපුරක් අවශ්‍ය නම් අධ්‍යාපනය අනිවාර්යයෙන්ම පරිවර්තනය කළ යුතු බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

"ඉදිරි මාස 6 සඳහා බිලියන 619ක මුදලක් අධ්‍යාපනයට වෙන් කර තිබෙනවා.එය මෑත ඉතිහාසයේ අධ්‍යාපනයට වෙන්න වූ වැඩිම මුදල ලෙස හැඳින්විය හැකියි.

මේ මුදල වියදම් කිරීම සඳහා අප පැහැදිලි සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා.අධ්‍යාපනය හරි විදිහට හදාගන්නේ නැතිව රට තුළ පරිවර්තනයක් කරන්නට බැහැ.සමාජ, දේශපාලන, ආර්ථික පරිවර්තනය කළ හැකි වන්නේ අධ්‍යාපනයේ පරිවර්තනයෙන් පමණයි

. අප ඒ පරිවර්තනය ගැන බැරෑරුම් ලෙස කල්පනා කරමින් ඒ සඳහා ක්‍රියාමාර්ග හඳුනා ගනිමින් කටයුතු කරනවා යනුවෙන්ද අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය කීවාය.