WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

හාඩි සිසු දුක අගමැති මැති සබයට කියයි

2025 March 11- Page Views : 20

අම්පාර හාඩි කෘෂිකර්ම උසස් අධ්‍යාපන ආයතනයේ ඇතැම් නේවාසිකාගාර කුකුල් කූඩු වගේ යැයි අගමැතිනි,අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ඇමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

එමෙන්ම කිලිනොච්චියේ ජර්මන් ජර්මන් ටෙක් ආයතනයේ ශිෂ්‍යයන් නාන්නේ එහි කාර්යාලවල වැසිකිළිවල බවද ඇය ප්‍රකාශ කළාය.

අගමැතිනිය මෙසේ පැවසුවේ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය මෙසේද පැවසුවාය.

මම අම්පාරි හාඩි ආයතනයට ඊයෙ ගියා. ඒකෙ තියෙන පහසුකම් ගැන මම ඇත්තටම පුදුම උනා.

1995 ආරම්භ කරපු උසස් අධ්‍යාපන ආයතනයක්. ළමයි ඉන්න තත්වය දැක්කම පුදුම හිතෙනවා. මම ඒ පින්තූර සභාගත කරනවා. ශිෂ්‍යයන්ගේ නේවාසිකාගාර කුකුල් කොටු වගේයි. වයර් දාලා තියෙන්නේ.ලයිට් නෑ හරියට. මදුරුවෝ. මෙට්ට නැහැ ඇඳේ නිකන් පොඩි පන්ච් කෑල්ලක් දාලා තියෙන්නේ. ඒ දරුවන් උයාගෙන කන්නේ.කුස්සිය හැටි දැක්කම එතන උයන්නේ කොහොමද කියලා හිතෙනවා. ඒ දරුවන් දවසකට එකපාරයි රෑට විතරයි උයාගෙන කන්නේ. මොකද වෙලාව නෑ.

ගොවිපළක් තියෙනවා. එළුව දෙන්නෙක් විතරක් එහෙන් මෙහෙන් දැක්කා. 1955 දී කෘෂිකර්ම ක්ෂේත්‍රය වෙනුවෙන් දකුණු ආසියාවටම හදපු අධ්‍යාපන ආයතනය තමයි මේ. මේවා කිසි දෙයකට අවධානය ගිහින් නැහැ. ඒ වගේ තත්ත්වයක් කිරිනොච්චියේ ජර්මන් ටෙක් එකෙත් තියෙනවා. ළමයි ගැන කිසිම අවධානයක් යොමු කරලා නැහැ.

ළමයි නාන්නෙ ඒක ඔෆිස් එකේ ටොයිලට් වල. නේවාසිකාගාර නැහැ. මේවා නැතුව ළමයින්ට තමන්ගෙ පෞරුෂය ගැනීම හැඟීමක් දෙන්නේ කොහොමද. මොන වගේ අයද මේ වගේ තැන් වලින් පිට කරන්නේ. උසස් අධ්‍යාපන ආයතනවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා රුපියල් කෝටි 3680ක් වෙන් කරලා තියෙනවා.