WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ආසියානු ශූරියන් ලෝක ශූරියන්වීමේ සිහිනයක

2023 July 13- Page Views : 35

දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමට නියමිත 16 වැනි ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය ආරම්භවීමට ඇත්තේ තව දින 15කි.

ඒ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (14) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.

16 වන ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය ජුලි 28 වනදා සිට අගෝස්තු 6 වනදා දක්වා දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හිදී පැවැත්වීමට නියමිතය.

2022 වසරේ සිංගප්පූරුවේ පැවැති ආසියානු දැල්පන්දු තරගාවලියේ ශූරතාව හිමි කරගත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම 2023 ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය නියෝජනය කිරීමට සුදුසුකම් ලබාගෙන තිබුණි.

මෙවර ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට ඛාණ්ඩ 4ක් යටතේ කණ්ඩායම් 16ක් තරග වදින අතර ශ්‍රී ලංකාව තරග වදින්නේ C ඛාණ්ඩයෙනි.

එම ඛාණ්ඩයෙන් ශ්‍රී ලංකාවට අමතරව සත්කාරක දකුණු අප්‍රිකාව, වේල්සය, ජැමෙයිකාව තරග වැදීමට නියමිතය.

06 වරක් ආසියානු ශූරියන් වූ ශ්‍රී ලංකා දැල්පන්දු ක්‍රීඩිකාවන්ට ලෝක මට්ටමේදී සාර්ථක වීමට නොහැකිවීමට හේතු පිළිබඳ පුහුණුකාරිණිය වන තිලකා ජිනදාස මෙලෙස අදහස් පළ කළාය.

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරිණිය තිලකා ජනදාස,

"ලෝක කුසලානයකට අනෙක් රටවල් අවුරුදු 03ක වගේ සිට පුහුණු වෙනවා. අපිට මාස 6ක වගේ කාලයක් තමයි තිබුණේ. අනික් කණ්ඩායම් 15ම මෙම කාලය අතරතුර ඒ ඒ රටවල් සමග තරග කළා. අපේ ක්‍රීඩිකාවන් 2022 ආසියානු ශූරියන් වුණාට පස්සේ අද වෙනකම් ජාත්‍යන්තර මට්ටමේ තරගයක් සෙල්ලම් කරලා නැහැ. හැමවෙලාවෙම අපි තරග ඉල්ලුවා. ඒත් අපිට ඒක ලැබුණේ නැහැ."