WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කැලණි සරවියේ උඩු මාලයෙන් වැටී ජීවිතයට සමුදුන් සැන්ඩා

2024 October 23- Page Views : 41

කැලණිය සරසවියේ නේවාසිකාගාර ගොඩනැගිල්ලෙන් ඇදවැටී මියගිය සිසුවා අධික ලෙස මත්පැන් පානය කර සිට ඇති බවට අනාවරණය වී තිබේ.

අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ, විශ්වවිද්‍යාලය තුළ සිට එලෙස මත්පැන් පානය කර ඇති බවය.

ඊයේ (22) රාත්‍රියේ සිසුවෙකුගේ උපන්දිනයක් වෙනුවෙන් මෙලෙස මත්පැන් සාදයක් පවත්වා ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

අනතුරුව සියලුදෙනා නේවාසිකාගාරයට ගොස් ඇති අතර, එහිදී මත්බවින් සිටි සිසුවා සී.ඩබ්.ඩබ්.කන්නංගර නේවාසිකාගාරයේ සිව්වන මහළේ ඔහුගේ කාමරය වෙත ඇරලවා අනෙක් මිතුරන් එම ස්ථානයෙන් ගොස් තිබේ.

ඒ අනුව අධික ලෙස මත්පැන් පානය කර සිටීම හේතුවෙන් අදාළ සිසුවා නේවාසිකාගාර කාමරයේ ජනේලයෙන් ඇඳ වැටී මියයන්නට ඇතැයි පොලීසිය සැකකරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

සිදුවීම වූ කාමරය මහෙස්ත්‍රාත්වරයා විසින් පරීක්ෂා කිරීමට නියමිත බවත්, රජයේ රස පරීක්ෂකවරයා හා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාත් මේ වනවිට අදාළ ස්ථානයට කැඳවා ඇති බව ද නිහාල් තල්දූව මහතා පැවසීය.

නේවාසිකාගාරයේ සිව් වන මහළින් ඇඳ වැටී එලෙස මියගොස් ඇත්තේ, කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමණාකරන අධ්‍යයන පීඨයේ ගණකාධිකරණ අධ්‍යන අංශයේ, සිව්වන වසරේ සිසුවෙක් වන ප්‍රින්ස් රාජු බණ්ඩාර නොහොත් සැන්ඩා යන අනුවර්ත නාමයෙන් සරසවිය තුළ හඳුන්වනු ලබන සිසුවෙකි.

සරසවි අධ්‍යාපනය හදාරන අතරතුර ප්‍රින්ස් උසස් පෙළ ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාර අධ්‍යනය සඳහා උපකාර පංති පවත්වමින් ගුරුවරයෙකු ලෙස ද සිය අනාගත පරපුරේ නැණ පහන් කිරීමට උත්සාහ දැරූ සොඳුරු පුද්ගලයෙකි.