WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකා A කණ්ඩායම ට ලකුණු 253ක ඉලක්කයක්

2023 July 15- Page Views : 35

නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව A කණ්ඩායම සහභාගීවන දෙවන තරගය අද (15) ඇෆ්ගනිස්තාන A කණ්ඩායමට එරෙහිව මේ වනවිට පැවැත්වෙයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා A කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ඇෆ්ගනිස්තාන A කණ්ඩායමට ලබාදුනි.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන A කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කරගත්තේ ලකුණු 252ක් පමණි.

ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් Riaz Hassan ලකුණු 82ක් රැස්කළ අතර Noor Ali Zadran ලකුණු 53ක් රැසක් කළේය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චාමික කරුණාරත්න කඩුලු 3ක් දවාගත් අතර දුෂාන් හේමන්ත කඩුලු 2ක් දවාගත්තේය.

ඒ අනුව, තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා A කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 253කි.