WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

2023 July 17- Page Views : 35

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අද (17)යි.

තරඟයේ පළමු දිනය නිමාවන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 242 ක් ලබාසිටී.

ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු 4 ලකුණු 54ක් තුළ දවා ගැනීමට පාකිස්තාන පන්දු යවන්නන් සමත් වුවත් ඇන්ජලෝ මැතිව්ස් සහ ධනංජය ද සිල්වා පස්වන කඩුල්ලට ලකුණු 131ක් සබඳතාවක් ගොඩනැඟීමට සමත් විය.

ඇන්ජලෝ මැතිව්ස් ලකුණූ 64ක් රැස්කළ අතර ධනංජය ද සිල්වා ලකුණු 94ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටී.

පන්දු යැවීමේ දි ශහීන් අෆ්රිඩි කඩුලු 03ක් බිද හෙළීමට සමත් විය.