WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකා පළමු ඉනිම නිමාවෙයි

2023 July 17- Page Views : 36

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය (17) අදයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම, අද (17) සියලුදෙනා දැවී ලකුණු 312ක් ලබාගත්තේය.

ශ්‍රී ලංකා ඉනිම වර්ණවත් කළ උපනායක ධනංජය ද සිල්වා ලකුණු 122ක් රැස්කළේය.

එය ඔහුගේ 10 වැනි ටෙස්ට් ශතකය ලෙස වාර්තා පොතට එක්විය.

ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 64යි.

පන්දු යැවීමෙන්, පාකිස්තානය වෙනුවෙන් ෂහීන් ෂා අෆ්රිඩි සහ නසීම් ෂා කඩුලු 3 බැගින් බිඳ හෙලූහ.