WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉන්දුනීසියාවේ බාලි සංගීත තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් 27 ක්

2024 July 29- Page Views : 35

13 වන අන්තර්ජාතික බාලි සංගීත තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ " සෝල් සවුන්ඩ්ස් ඇකඩමියේ " ( Soul Sounds Academy ) සිසුන් 34 දෙනෙකුගෙන් යුතු කණ්ඩායම කේවළ අංශයෙන් රන් පදක්කම් 17 ක් , රිදී පදක්කම් 08 ක් සහ කණ්ඩායම් අංශයෙන් රන් පදක්කම් 02 ක් දිනා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

මෙම සංගීත තරගාවලිය ඉන්දුනීසියාවේ බාලි දුපතේ ඉකුත් 21 දින සිට 27 දින දක්වා ලෝකයේ රටවල් 20 ක තරගකරුවන් 200 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි .

ඔවුන් මෙම ජයග්‍රහණ රැගෙන 28 දින රාත්‍රී 11.20 ට සිංගප්පූරුවේ සිට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මෙම පිරිස පිළිගැනීම සදහා '' සෝල් සවුන්ඩ්ස් ඇකඩමියේ '' කාර්යය මණ්ඩලය සහ එම සිසුන්ගේ දෙමාපියන් ද කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ .