WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකාව ගොඩනැගීමට සහායවන බව IMF කළමනාකාර අධ්‍යක්ෂිකා කියයි...

2024 October 22- Page Views : 28

ශ්‍රී ලංකාවට යහපත් අනාගතයක් ගොඩනැගීම සඳහා සහාය දැක්වීමට කැපවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා යළි අවධාරණය කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් සහ එම අරමුදලේ වාර්ෂික සමුළුව සඳහා සහභාගීවන ශ්‍රී ලංකාවේ නියෝජිතයින් අතර හමුවක් වොෂීන්ටනයේ දී පවත්වා ඇති අතර, එහිදීයි ඇය මෙසේ සඳහන් කර ඇත්තේ.

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහගේ නිල නිවසේදී එම හමුව පැවැති බව සදහන්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ශ්‍රී ලංකාව ඇතුළු ආසියාවට අදාළ ප්‍රතිපත්ති තීන්දු ගැනීමේ ප්‍රධානී කෙන්ජි ඔකුමාරා ප්‍රමුඛ එම අරමුදලේ නියෝජිතයන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් සාකච්ඡාවට සහභාගී වී තිබෙනවා.

මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් අබේසේකර, ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටි බව සඳහන්