WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ටයිකොන්ඩෝ ශූරයෝ මෙරටට පා තබයි

2024 August 14- Page Views : 35

මැලේසියාවේ පැවති 16 වන විවෘත ජාත්‍යන්තර ටයිකොන්ඩෝ ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් එහිදී රන් පදක්කම් 13 ක් , රිදී පදක්කම් 05 ක් සහ ලෝකඩ පදක්කම් 05 ක් දිනා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

මෙම තරගාවලිය ඉකුත් 01 දින සිට 10 දින දක්වා ලෝකයේ රටවල් 22 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර පවත්වා තිබුණි .

ඔවුන් පිළිගැනීම සදහා සිවිල් සමාජ ක්‍රියාකාරී , මගෙන් රටට සංවිධානයේ සංජය මහවත්ත මහතා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ .