WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකාව සමග තෙවැනි ටෙස්ට් තරගයට කැඳවූ යෝධ වේගපන්දු යවන්නා

2024 September 04- Page Views : 35

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර සිකුරාදා (06) ඕවල් ක්‍රීඩා පිටියේ ආරම්භවන තෙවැනි ටෙස්ට් තරගය සඳහා සහභාගී වන එංගලන්ත කණ්ඩායම නම්කර තිබේ.

එහි එක වෙනස් කමක් සිදුකර ඇත.

ඒ අනුව මැතිව් පොට්ස් වෙනුවට ජොෂ් හල් එම තරගයට එක්වෙයි.

මෙය ඔහුගේ මංගල ටෙස්ට් තරගය වෙයි.

අඩි 6යි අඟල් 7ක් උසැති හල්, 20 හැවිරිදි වමතින් වේග පන්දු යවන්නෙකි.

ඔහු පළමු පෙළ ප්‍රාන්ත තරග සඳහා ලිස්ටර්ෂයර් කණ්ඩායම නියෝජනය කරයි.

මෙම තරගාවලියේ මෙතෙක් පවත්වා ඇති තරග 2කම ජයගැනීමට එංගලන්තය සමත් විය.