WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රටේ ගෞරවය බේරාගන්න ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද පිටියට

2024 September 06- Page Views : 35

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (06) පස්වරු 3.30ට එංගලන්තයේ ලන්ඩන්හි ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. මුල් තරග දෙකෙන් අහිමි පරාජයන් අත්විඳ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අද සිය ගෞරවය බේරා ගන්නට සටන් කරන්නට සිදුවනවා. ඕවල් පිටියේදී ශ්‍රී ලංකා කණ්ඩායම වසර 26කට පසු ටෙස්ට් සටනකට හෙට පිවිසෙන අතර, අවසන් වරට ඔවුන් එංගලන්තයට එරෙහිව මෙම ක්‍රීඩා පිටියේදී තරග වැදුණේ 1998 වසරේදීයි.

එම තරගයෙන් ඓතිහාසික ජයක් ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා කරන්නට සමත් වුණේ මුත්තයියා මුරලිදරන්ගේ විස්මිත පන්දු යැවීමත් සමගයි.

එහිදී එංගලන්ත පළමු ඉනිමේදී කඩුලු 7ක් බිඳ දැමූ මුරලි දෙවැනි ඉනිමේදී කඩුලු 9ක් දවා ගන්නටත් සමත් වුණා.

එවන් වටපිටාවක සිට මෙම තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම පිවිසෙද්දී,තරගයට සහභාගි වන එංගලන්ත කණ්ඩායම මේවන විටත් නම් කර අවසන්.

එංගලන්ත කණ්ඩායමට අඩි 6යි අගල් 7ක් උසැති 20 හැවරිදි යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක ජෝෂ් හල් කැඳවා තිබෙන අතර, ඒ අනුව ඔහුට හෙට ටෙස්ට් වරම් හිමිවනවා.